මා ඉතින් යා යුතුයි,
නුඹට සමු දී හොරෙන්,
නුඹ වෙතට මුල් ඇදුණු,
ආත්මය මුදාගෙන....
හදවතේ කොණක හිඳ,
ප්‍රේමයේ ගී ගැයුව,
විහඟ ගෙල සිඳ දමා,
දැන් ඉතින් යා යුතුයි....
අප පිණිස සිත් අහස,
තැනූ සුවිසල් මැදුර,
පදනමින් බිඳ හෙලා,
ඉතින් මා යා යුතුයි....
නුඹ පිණිස සිත පිරුණ,
සුවහසක් සෝ තැවුල්,
නෙත් පවුරු පරදන්න,
පෙරින් මා යා යුතුයි....
නුඹේ මතකය රැගෙන,
නුඹේ ගත මෙහි තබමි,
ඉතින් මට සමුදෙන්න,
මා දැන්ම යා යුතුයි....
මා රකින මේ බිමෙන්,
නුඹට උණුහුම තනා,
ගිනි අවිය අතට ගෙන,
කඳවුරට යා යුතුයි...
Saturday, December 5, 2009
Subscribe to:
Post Comments (Atom)
නුඹ පිණිස සිත පිරුණ,
ReplyDeleteසුවහසක් සෝ තැවුල්,
නෙත් පවුරු පරදන්න,
පෙරින් මා යා යුතුයි....
හදවත පුරා මොකද්දෝ නොදැනෙන සිතිවිල්ලක් ඇතිකල පද පෙලක්....අපූරුයි
niyamai..liyanna thawa
ReplyDeletemagen subapathum
ධෛර්යමත් කිරීම පිළිබඳව ස්තූතියි.දෙවැනි කවිය පළ කරන්න කල් ගතවීම ගැන සමාවෙන්න.
ReplyDelete