රළ බිඳෙයි,රළ බිඳෙයි,
සයුරු ගොස නොනවතියි,
දෙසවනෙහි දඟ කරන,
නුඹෙ ස්වරය වාගෙමයි....
සඳු නැගෙයි,සඳු නැගෙයි,
අඳුර සඟවා දිලෙයි,
සිතෙහි කැටයම් කෙරුණ,
නුඹේ රුව වාගෙමයි....
මල් පිපෙයි,මල් පිපෙයි,
සුවඳ පතුරා සැලෙයි,
මගේ හද සොරාගත්,
ගුණ සුවඳ වාගෙමයි....
නුඹ මගෙයි,නුඹ මගෙයි,
මගේ හිත මට කියයි,
නිම නොවුනු පෙම් කවිය,
සිහිනයක් වාගෙමයි....
නුඹෙ නොවෙයි,නුඹෙ නොවෙයි,
මුළු ලොවම මට කියයි,
ළං වෙන්න වෙහෙසුනෙමි,
මිරිඟුවක් වාගෙමයි....
නෙත් තෙමෙයි,නෙත් තෙමෙයි,
මට අහිමි බව පෙනෙයි,
ජීවිතය සොරාගෙන,
නුඹ ගියා වාගෙමයි....
Tuesday, March 30, 2010
Subscribe to:
Post Comments (Atom)
ලෝකයා මොනවා කීවත් හිත කියන දේ තමා හරි..
ReplyDeleteලස්සන අකුරු කිරීම...
/බිඟුවා...!
ලස්සනයි. රස වින්දා පද පෙළ.
ReplyDeleteඅපූරු පද පෙලක් ......
ReplyDelete@ බිඟුවා - අනිවාර්යෙන්ම....ඒ උනාට මේක ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක්නෙ.ඉතින් හිත කියන දේ කවුරුත් අහන්නෙ නෑ.අනිත් අය කියන දේ තමා ක්‍රියාත්මක වෙන්නෙ.ස්තූතියි.
ReplyDelete@ Raven & විශ්මි - අගය කිරීම ගැන ස්තූතියි.
ලස්සනයි....
ReplyDelete