මන බඳන - සිත රඳන,
නෙතු පිරෙන - රුව නුඹෙයි...
සිත තලන - හද පෙලන,
නෙතු තෙමන - සිත නුඹෙයි...
හද රැඳෙන - සිත නිවන,
මන පිනන - සිත ඇගෙයි...
නුඹ තරම් - රුව නැතත්,
ඇගේ ගුණ - බෝ අගෙයි...
රුව ගුණද - නැණ ගුණද,
වඩා හොඳ - නොවැටහෙයි...
එසේ වන - මගේ සිත,
මඩෙහි සිටවූ රිටයි...
Sunday, April 18, 2010
Subscribe to:
Post Comments (Atom)
බලාගෙන සහෝ.. හැබැයි කල්පනා කරලා තීරණයක් ගන්න....
ReplyDeleteඔය කියන විදිහට හොඳ නරක තේරුම් ගන්න හැකියාවක් තියෙන කෙනෙක් වගේ ඔයා. . .
ReplyDeleteඉතිං මොකටෙයි මඩේ හිටෝපු රිට වගේ වැනි වැනී ඉන්නේ එක හිතින් තීරණයක් ගන්න . ..
(Word Verification අයින් කරන්න බැරිද ? කමෙන්ට් කරන්න අමාරුයි ඒක තිබ්බම)
හිතලා බලලා හොඳ තීරණයක් ගන්න..!
ReplyDeleteරුවගුණද ගතිගුණද යන්න පුද්ගල කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඉන්න පැත්තකට බර වෙයි වැඩි කලක් නොගොසින්ම.
ReplyDeleteදෙපැත්තම රැක ගන්න බැරි නිසා.. එක පැත්තකට ඇද වැටෙයි ඉක්මණටම..
ReplyDeleteකවියේ පද ලස්සනයි..
පිටින් පේන රුවට වගේම පිටින් පේන ගුණටත් රැවටෙන්න එපා.... අද කාලේ රුවටත් වඩා බොරු ගුණ පෙන්නලා තමයි මිනිස්සුන්ව රවටන්නේ... විශේෂයෙන්ම ආදරේදී......
ReplyDelete@ දුකා-
ReplyDeleteWord Verification මම ඉවත් කළා.ඒ ගැන පෙන්වා දීම ගැන ස්තූතියි.සිදු වූ අවහිරය ගැන කණගාටුයි.
@ හැමෝම-
ඔව්...හොඳට හිතලා තීරණ ගන්න ඕනෙ තමයි.
ලස්සනයි. . .නමුත් තමන්ගේම ක්‍රමයක් සොයා ගතයුතුයි.
ReplyDelete