...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Thursday, April 1, 2010

...නුඹ යන්න ඉගිලිලා...

පියාපත් විහිදුවා,
නුඹ යන්න ඉගිලිලා,
මම මෙබිම රැඳෙන්නෙමි,
නුඹේ දෙස නෙත් හෙලා....

එක මඟෙහි යනු කෙලෙස,
නුඹ සමඟ පියඹලා?,
නුඹට හිමි පියාපත්,
මට නොමැත හිමි වෙලා....

නුඹේ ලොව වෙත යන්න,
ඉඩ දේවි සුදු වලා,
රළු බිමෙහි ඇවිද යමි,
මගේ අරමුණ බලා....

මග රළුය,බෝ දිගුය,
කටු කොහොල් විසිරිලා,
මා සමඟ නො එනු මැන,
නුඹ යන්න ඉගිලිලා....

ගෙවුණු මඟ දුක් කඳුළු,
නොයනු ඇත වියැළිලා,
ඒ තැවුල් මට දෙන්න,
නුඹ යන්න හිනැහිලා....

නුඹ කෙරෙහි නෙත් රඳමි,
දිරිය දෙමි කල් බලා,
නැවත නොහැරී යන්න,
අතීතය මියැදිලා....

මේ සසර යම් දිනෙක,
යළිත් අප හමු වෙලා,
එක මඟක යමු, එතෙක්,
නුඹ යන්න පියඹලා....

2 comments:

  1. Nice....Realyy nice...
    I just didn't read that.But I really felt that.
    It made some influence on something which I have been planning to do.
    [But don't misunderstand me.I'm not a person that may change just reading a prose.But nor by death at most times.But it really made some influence..]

    Thanx...
    Gud Luck !!!

    ReplyDelete
  2. moko duka hitilaa...
    mama nam yanna denne nee mehema lesiyen..
    kohomahari thiyaa gannawaaaaaaa

    ReplyDelete