...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Sunday, April 18, 2010

...ආත්මීය දෝලනය...

මන බඳන - සිත රඳන,
නෙතු පිරෙන - රුව නුඹෙයි...
සිත තලන - හද පෙලන,
නෙතු තෙමන - සිත නුඹෙයි...

හද රැඳෙන - සිත නිවන,
මන පිනන - සිත ඇගෙයි...
නුඹ තරම් - රුව නැතත්,
ඇගේ ගුණ - බෝ අගෙයි...

රුව ගුණද - නැණ ගුණද,
වඩා හොඳ - නොවැටහෙයි...
එසේ වන - මගේ සිත,
මඩෙහි සිටවූ රිටයි...

8 comments:

  1. බලාගෙන සහෝ.. හැබැයි කල්පනා කරලා තීරණයක් ගන්න....

    ReplyDelete
  2. ඔය කියන විදිහට හොඳ නරක තේරුම් ගන්න හැකියාවක් තියෙන කෙනෙක් වගේ ඔයා. . .

    ඉතිං මොකටෙයි මඩේ හිටෝපු රිට වගේ වැනි වැනී ඉන්නේ එක හිතින් තීරණයක් ගන්න . ..

    (Word Verification අයින් කරන්න බැරිද ? කමෙන්ට් කරන්න අමාරුයි ඒක තිබ්බම)

    ReplyDelete
  3. හිතලා බලලා හොඳ තීරණයක් ගන්න..!

    ReplyDelete
  4. රුවගුණද ගතිගුණද යන්න පුද්ගල කැමැත්ත අනුව වෙනස් වෙනවා. ඉන්න පැත්තකට බර වෙයි වැඩි කලක් නොගොසින්ම.

    ReplyDelete
  5. දෙපැත්තම ‍රැක ගන්න බැරි නිසා.. එක පැත්තකට ඇද වැ‍ටෙයි ඉක්මණටම..
    කවියේ පද ලස්සනයි..

    ReplyDelete
  6. පිටින් පේන රුවට වගේම පිටින් පේන ගුණටත් රැවටෙන්න එපා.... අද කාලේ රුවටත් වඩා බොරු ගුණ පෙන්නලා තමයි මිනිස්සුන්ව රවටන්නේ... විශේෂයෙන්ම ආදරේදී......

    ReplyDelete
  7. @ දුකා-
    Word Verification මම ඉවත් කළා.ඒ ගැන පෙන්වා දීම ගැන ස්තූතියි.සිදු වූ අවහිරය ගැන කණගාටුයි.

    @ හැමෝම-
    ඔව්...හොඳට හිතලා තීරණ ගන්න ඕනෙ තමයි.

    ReplyDelete
  8. ලස්සනයි. . .නමුත් තමන්ගේම ක්‍රමයක් සොයා ගතයුතුයි.

    ReplyDelete