...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Saturday, March 27, 2010

....අවසන් හමුව....

එකම එක වතාවක්,
යළිත් නුඹ මුණ ගැසෙමි,
හද තවන දිගු කවිය,
කියා නුඹගෙන් මිදෙමි...

මතකයෙන් ගිලිහෙන්න,
පෙරින් නුඹ යළි දකිමි,
අතීතය නුඹට දී,
හිස් අතින් නැවත එමි...

නුඹට පෙම් කළ අයුරු,
නුඹට යළි නොම කියමි,
නුඹ නිසා අහිමි වූ,
කිසිත් සිහි නොම කරමි...

නුඹට මා ලබා දුන්,
කිසිත් යළි නොඉල්ලමි,
එවන් දේ මට දෙන්න,
නුඹට බැරි බව දනිමි...

නුඹ ම වෙත තෑගි කළ,
සියලු දේ නැවත දෙමි,
දුක,කඳුළ,ළතැවුල්ල,
නුඹට පවරා මිදෙමි...

බිඳුණු සිත දරනු බැරි,
කඳුලු බර බිම තබමි,
ඒ රැගෙන නුඹ යන්න,
තිබුණු බැමි සිඳ හළෙමි...

නුඹට හිමි මාවතින්,
නුඹ යන්න,නොවළකමි,
මිටින් හළ එකෙකු සේ,
ජීවිතය සොයා යමි...

2 comments:

  1. කවියත් එක්ක මොහොතක් දැහැන්ගත වෙලා මේ හැගීම වින්දා. නියමයි.
    පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ "දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්" කවිය මතක් උනා.
    ඔබට ජය.

    ReplyDelete