...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Tuesday, March 30, 2010

...මගෙ නොවූ සඳ...

රළ බිඳෙයි,රළ බිඳෙයි,
සයුරු ගොස නොනවතියි,
දෙසවනෙහි දඟ කරන,
නුඹෙ ස්වරය වාගෙමයි....

සඳු නැගෙයි,සඳු නැගෙයි,
අඳුර සඟවා දිලෙයි,
සිතෙහි කැටයම් කෙරුණ,
නුඹේ රුව වාගෙමයි....

මල් පිපෙයි,මල් පිපෙයි,
සුවඳ පතුරා සැලෙයි,
මගේ හද සොරාගත්,
ගුණ සුවඳ වාගෙමයි....

නුඹ මගෙයි,නුඹ මගෙයි,
මගේ හිත මට කියයි,
නිම නොවුනු පෙම් කවිය,
සිහිනයක් වාගෙමයි....

නුඹෙ නොවෙයි,නුඹෙ නොවෙයි,
මුළු ලොවම මට කියයි,
ළං වෙන්න වෙහෙසුනෙමි,
මිරිඟුවක් වාගෙමයි....

නෙත් තෙමෙයි,නෙත් තෙමෙයි,
මට අහිමි බව පෙනෙයි,
ජීවිතය සොරාගෙන,
නුඹ ගියා වාගෙමයි....

5 comments:

  1. ලෝකයා මොනවා කීවත් හිත කියන දේ තමා හරි..
    ලස්සන අකුරු කිරීම...

    /බිඟුවා...!

    ReplyDelete
  2. ලස්සනයි. රස වින්දා පද පෙළ.

    ReplyDelete
  3. අපූරු පද පෙලක් ......

    ReplyDelete
  4. @ බිඟුවා - අනිවාර්යෙන්ම....ඒ උනාට මේක ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක්නෙ.ඉතින් හිත කියන දේ කවුරුත් අහන්නෙ නෑ.අනිත් අය කියන දේ තමා ක්‍රියාත්මක වෙන්නෙ.ස්තූතියි.

    @ Raven & විශ්මි - අගය කිරීම ගැන ස්තූතියි.

    ReplyDelete